ජනාධිපතිවරණයේ හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ආරම්භ කර තිබේ.
මෙවර මැතිවරණ
රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට උදෑසන 7 ට ආරම්භ වීමට නියමිතයි.
ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් පිහිටුවා ඇත.
හෙට පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබඳ පෙරහුරුවක් සෑම ඡන්ද
මාධ්‍යස්ථානයකම අද පැවැත්වේ.
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට ද සැලසුම් කර ඇත.