නවතම පුවත්

“ඡන්ද පෙට්ටි මාරු කරන්න කාටවත් බෑ”- මැකොසගෙන් සහතිකයක්

අසංක

අසංක

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හා එම ක්‍රියාවලිය ඉතාමත් ආරක්ෂාකාරී බවත් කිසිවෙකුට ඡන්ද පෙට්ටි මාරු කිරීමට හෝ එවැනි උත්සහයක් කිරීමට අවස්ථාවක් නොමැති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහතික වෙයි.

අගෝස්තු 05 දින පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට භාවිත කරන ඡන්ද පෙට්ටිය හා එහි ක්‍රියාවලිය පිළිබඳව ඔහු පැහැදිලි කරමින් මේ බව කීය.

සභාපතිවරයා මෙම පැහැදිළි කිරීම සිදු කළේ, අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙවට සියලු ඡන්ද විමසීම් සෞඛ්‍ය ආරක්ෂිතව හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ මාර්ගෝපදේශ අනුව සිදු කරන බව ද ඔහු කීය.

ඡන්ද පෙට්ටි සුරක්ෂිත හා ආරක්ෂකාරී ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියට යොදා ගන්නා ආකාරය පිළිබඳව එහිදී පැහැදිළි කළ අතර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දී ඡන්ද පෙට්ටි සුරක්ෂිත ලෙස තබා ගන්නාඅකාරය පිළිබඳවද පැහැදිළි කළේ ය.

මෙවර ඡන්ද පෙට්ටි ද සුවිශේෂී කඩ්බෝඩ්වලින් සකස් කළ ඒවා වන අතර කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කරන්නේ දෙවන වරටය. ප්‍රථම වරට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි භාවිත කළේ පසුගිය ජනාධිපතිවරණයෙ දී ය.

මේ අතර ඉදිරි මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයෙහි මුද්‍රා තබා ඇති ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පත් කළ යුතු නියෝජිතයන් පිළිබඳව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය යටතේ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය සකස් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්