නවතම පුවත්

ඡන්ද භාවිත ප්‍රතිශතය අඩුවුවත් සාමකාමී මැතිවරණයක් – නිරීක්ෂකයෝ

අසංක

අසංක

මහමැතිවරණයේ ඡන්ද විමසීම පැවැති අද දිනය තුළ මැතිවරණයට අදාළ බරපතල ගණයේ සිදුවීම් අවම බවත් සමස්තයක් ලෙස ගත් කළ මැතිවරණය සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

සෞඛ්‍ය නිර්දේශොවලට අනුකූලව සාමකාමී අයුරින් පැවැත්වූ මෙවර මැතිවරණයෙහි ගැටලු වාර්තා නොවුණු බවත් බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි.එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ වෙනත් මැතිවරණ වලට සාපේක්ෂව ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තාවීම අතින් මෙවර මැතිවරණය යම් සාධනීය ස්ථානයක පවතින බවයි.

ඒ අනූව ශ්‍රී ලංකාව මැතිවරණ සම්බන්ධයෙන් යම් සාධනීය තැනකට එමින් සිටින බවද ඔහු විශේෂයෙන් අවධාරණය කළේය. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සුරක්ෂිතව සකස් කිරීම සම්බන්ධව සෞඛ්‍ය අංශවලට සහ මැතිවරණ කොමිෂන් සභාවට ස්තුතිය පළ කරන බවද ඔහු කීය.

ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසන පරිදි මෙවර මැතිවරණයේ ඡන්ද විමසීම සමයේ මේ දක්වා කිසිදු බරපතල හෝ මධ්‍යම ගණයේ බරපතල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර ප්‍රචණ්ඩක්‍රියාද ඉතාම අවම ය. මෙවර මැතිවරණයෙහි ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතයෙහි සුළු අඩුවීමක්ද දක්නට ලැබෙන බව එම සංවිධානයෙහි ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර මහතා කියාසිටියේ ය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙනුවෙන් අදහස් දැක්වූ එහි ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා කියා සිටියේ මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ දී උදය කාලයේ මන්දගාමී ස්වරූපයක් දක්නට ලැබුනු අතර දහවල් වන විට ඡන්දය ප්‍රකාශ කිරීම සාමාන්‍ය අතට හැරුනු බවය.

කැෆේ සංවිධානය වෙනුවෙන් අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා කියා සිටියේ ගිය මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයේ අඩුවක් දක්නට ලැබෙන බවයි. කොරෝනා වසංගතයද එයට එක් හේතුවක් බව මනාස් මහතා පැවසුවේය.

මෙවර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වෙන වසර වලට සාපේක්ෂව අඩු බවක් පෙන්නුම් කරන අතර සමස්ථයක් වශයෙන් මැතිවරණය සාමකාමී ස්වභාවයක් ගන්නා බවද පැවසුවේය. ඡන්ද පොළවල් ආශ්‍රිතව රැදී සිට ඡන්දදායකයින්ට බලපෑම් කිරීම් ද මෙවර විශාල වශයෙන් අඩුවී ඇතැයි මනාස් මහතා කියා සිටියේය.

ඒ අනූව බලන කළ මැතිවරණ නිරීක්ෂකයන්ගේ නිරීක්ෂණ අනූව මැතිවරණය සමස්ථයක් ලෙස සාමකාමී නිදහස් ස්වභාවයක් උසුලන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංගණය කිරීම් වෙන මැතිවරණ වලට සාපේක්ෂව අඩු අගයක පැවැතියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්