මහමැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන දේශපාලන පක්ෂවලට සිය සලකුණු වෙනස් කිරීම මේ දිනවල සිදුකළ හැකි බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.
ඒ සදහා ලබන 9 වැනිදා දක්වා අවස්ථාව පවතී.
පසුගිය දිනවල පැවැති දේශපාලන කතාබහ අතර ප්‍රධාන පක්ෂ මූලික වූ සන්ධානවල මැතිවරණ සලකුණු සම්බන්ධයෙන් වෙනස්කම් සිදුවන බවට ලේකම්වරුන්, සාමාජිකයන් මත පළ කර තිබුණි.
නමුත් පසුගිය දින 2 තුළ මාධ්‍ය හමුවලදී අනාවරණය වූයේ ශ්රීලනිපය හා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ ඒකාබද්ධ සන්ධානය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ජාතික සමගි බලවේගයට ද පොදු සලකුණුවලින් මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.
ඒ බව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් ද එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් ද මහමැතිවරණයට ඉදිරිපත් වන බවට ලිඛිතව මැතිවරණ කොමිසම වෙත දැනුම් දීම හේතුවෙනි
හේතුවෙනි
කෙසේවෙතත් ජාතික සමගි බලවේගය තවම සලකුණක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.