“දරුවන් ජංගම දුරකතනයට ඇබ්බැහිකර විනාශකරන්න එපා”

Picture of ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

මහ බ්‍රිතාන්‍යයේ සංඝනායක කඹුරාවල රේවත නාහිමි

 

දෙමව්පියන් සෑම පැයකටම සියයට 69ක් ජංගම දුරකතනය භාවිතාකරනවිට දරුවන් සියයට 78ක් ජංගම දුරකතනය භාවිතා කරන බව පර්යේෂණවලින් අනාවරණයවි ඇති බවත් මේ තත්වය තවත් වර්ධනය වි ලංකාවේ දරුවන් ළමා ප්‍රචණ්ඩත්වය පිළිඹිබු කරන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරිම මහත් කනගාටුවට කාරණයක් යැයි එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක , ස්කොට්ලන්තයේ බෞද්ධ විහාරාධිපති මනෝ උපදේශක කඹුරාවල රේවත නාහිමියෝ පවසති.

මේවනවිට යුරෝපයේ දරුවන් සියයට 50ක් ජංගම දුරකතනයට ඇබ්බැහිවි ඇතිබව පර්යේෂණවලින් හෙළිවි ඇතැයිද රේවත නාහිමියෝ පෙන්වා දෙති.

එසේම දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය විදහා දක්වන විඩියෝ හෝ දරුවන්ට හානිකර කිසිවක් බෙදාහැරිම, අදහස් ප්‍රකාශකිරිම හෝ ඒසදහා ඔවුන් දිරිගැන්විම වහාම නතර කිරිමට සැවොම සිතාගත යුතුයැයිද උන් වහන්සේ අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් කඹුරාවල රේවත නාහිමියන් ස්කොට්ලන්තයේ සිට ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’  පුවත් සේවයට එවු වීඩියෝ පණිවිඩය පහත දැක්වේ.