ජංගම වෙළඳ රථ නිවසට ආවේ නැත්නම් පැමිණිලි කරන අංකය මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජංගම වෙළද රථ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරේ .

. දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සදහා තෝරා ගෙන ඇත්තේ ලියාපදිංචි වූ ජංගම රථ වෙළෙදුන්. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළද රථ නිසියාකාරව පැමිණෙන්නේ නැති නම් ඒ පිලිබදව ජනතාවට දැනුම් දිය හැකි ක්ෂනික දුරකතන ඇමතුම් අංකයක් ද හදුන්වා දී තිබෙ

.ඒ අනුව  1965 අංකය අමතා ඒ පිළිබද දැනුම් දිය හැකිය.

එම සේවාව අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වන අතර . අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ජංගම වෙළද රථ සියලුම අතුරු මාර්ග ආවරණය වන පරිදි ගමන් කරන ලෙස දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දැනුවත් කර තිබෙ.

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙත ගොස් බෙදා හැරීම සදහා කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ජංගම වෙළදුන් 8,000 කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය