නවතම පුවත්

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන්, ශ්‍රී ලංකාවට චෝදනා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව   ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් මහත්මිය චෝදනා කර සිටී

ඒ අනුව සියලූ ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ විමර්ශනය කොට වගකිව යුත්තන්ට නීතිමය පියවර  ගන්නා ලෙසත් , මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා ලබා සිටින පුද්ගලයින් රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරුවලින් ඉවත් කරන ලෙසත්ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව  වාර්තාවක් නිකුත් කරමින් නිර්දේශ කර තිබේ.

, මානව හිමිකම් කොමිසම ඇතුළු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසද මෙම වාර්තාව මගින් ඇය අවධාරණය කර ඇත

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීලග සැසි වාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාවේ මූලික කෙටුම්පත එළි දක්වමින් මානව හිමිකම් කොමසාරිස්වරිය මේ බව අවධාරණය කරයි.

මානව හිමිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් වරදකරුවන් බවට තහවුරු වූ  පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පැණවිය යුතු බවටත්, සංචාරක තහනම් පැණවිය යුතු බවටත් මහ කොමසාරිස්වරිය මෙහෙදී  යෝජනා කර ඇත .

යුද්ධය අවසන්වී වසර 12 ක් ගතවී ඇතත් චෝදනාවලට ලක්වූවන්ට එරෙහිව මේ දක්වා ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවද  මිෂෙල් බැචලට් මහත්මිය තම වාර්තාවේ දක්වා ඇත

පසුගිය වසරේ සිට මේ දක්වා ජනාධිපතිවරයා විසින් හමුදා නිළධාරීන් 28 දෙනෙකු රජයේ ඉහළ පරිපාලන තනතුරුවලට පත්කර තිබීමද මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී තිබේ. වත්මන් යුධ හමුදාපති සහ ආරක්ෂක ලේකම් තනතුරුද ඒ අතර වේ.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කිරීමට කටයුතු කර ඇති අතර, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවර ආපසු හැරවීමට කටයුතු කර ඇති බවත් එමගින් මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම සහ අධිකරණ කොමිසම ආදී ප්‍රධාන කොමිෂන් සභාවල මෙන්ම අනෙකුත් ආයතනවල ස්වාධීනත්වය ගිලිහී ගොස් ඇති බවයි ඇය සඳහන් කර ඇත.

 

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි