“ජනතාවට අවශ්‍ය සහල් තොග නිසි පරිදි ලබාදෙනවා” – අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන කියයි

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම


රටේ ජනතාවට අත්‍යවශ්‍ය සහල් නිසි පරිදි ලබාදීමේ ක්‍රියාදාමයට ඉදිරියටත් සහය ලබා දෙන බව අරලිය සමුහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහත ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී අද පැවැසීය.


සියලුම වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් ජනාධිපති කාර්යාලය නිකුත් කර තිබෙන නිවේදනය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඩඩ්ලි සිරිසේන මහතා මේ බව සදහන් කළේය.


මේ දක්වාත් අප කටයුතු කළේ සහල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකායි. ඒ අනුව අපගේ පාරිභෝගික රට වැසි සියලු දෙනාටම අදාල සහල් තොග නිසි පරිදි ලබා දීමට කටයුතු කරමින් සිටිනවා යැයි හෙතම පැවැසීය.
ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට අනුව මෙවර මෙට්‍රික් ටොන් 3කට ආසන්න වී අස්වැන්නක් ලැබී තිබේ. ඉන් තුනෙන් දෙකක් මේ දක්වා සහල් තොග වශයෙන් පවතියි.


මෙම සැපයුම අඩාල කිරීම කොවිඩ්-19 වසංගතය අවස්ථාවේ රටේ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන නිරෝධායන ක්‍රියාවලියේ සුරක්ෂිතතාවයට දැඩි අවදානමක් ඇති කරන බව එහි සදහන්ය.