නවතම පුවත්

“ජනතාවට වගකිව යුතුයි” – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

අසංක

අසංක

මේ පොලිස්පතිවරයා යැව්වා කියලා ප්‍රශ්ණය විසදෙන්නේ නැහැ යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදි අද කළ කතාව මේසේය.

මේ රටේ ජනතාවට ත්‍රස්තවාදය කුමක් වුවත් එයට මුහුණදීමට සිදුවී තිබෙනවා. අද ජනතාවගේ ජීවිත අවිනිශ්චිත වෙලා තියෙනවා. අම්මයි තාත්තයි එක වාහනේ වැඩට යන්නේ නෑ. දරුවෝ දෙන්නා එක වාහනේ යන්වන්නේ නැති වේවි. ආරක්ෂක මුර කපොලු අරින්න වේවි. ජනතාවගේ සාක්කු කලිසම්,බඩවල් අතපත ගාලා බලන්න වේවි. රැවුලක් වවාගෙන හිටපු තරුණයෙක් හිටියොත් මුස්ලිම් තරුණයෙක් කියලා පරීක්ෂා කරාවි. ඒ අයට රැවුල් කපන්න වේවි.

ඉදිරියේදී සංචාරකයින් එන එකක් නෑ. ආයෝජන එන එකක් නෑ. ආණ්ඩුවට විතරක් නෙමෙයි මේක බලපාන්නේ. මේක විසදුනේ නැතිනම් මොන ආණ්ඩුවට වුනත් මුහුණදීමට සිදුවෙනවා. මේ තත්වයට මුහුණදීමට එකතු වෙලා ශක්තිමත් වෙලා ගොඩ එන්න ඕන.

අපි පහුගිය යුද්ධය අවසන්වුනාට පස්සේ අපි හරි මාර්ගයේ ගියේ නෑ. මේක මගේ මතය. යුද්ධය ඉවර වුනාට පස්සේ අපේ රට කානිවල් එකක්, විශාල උත්සවාකාර ජීවිතයක් ආරම්භ කිරීමට අවස්ථාවක් ලැබුණා. එහෙම කරපු එක වරදක් නෙමෙයි. අපිට ආරක්ෂාව තිබුණා. අපිට කානිවල් ජීවිතයක් අත පත ගෑමට අවස්ථාව තිබුණා. හැබැයි දේශපාලඥයින් හා හමුදා ප්‍රධානීන් කතුරු උංචිල්ලාවේ නගින්නේ නැතිව රට ආරක්ෂා කරන්න තිබුණා. රට ආරක්ෂා කරන එක දේශපාලඥයින්ටයි හමුදා ප්‍රධානීන්ටයි මතක් වෙන්න ඕන ත්‍රස්තවාදයක් ආවම නෙමෙයි. ඒ වගකීම යුද්ධයක් තිබුණත් නැතත් තිබෙනවා. යුද්ධය ඉවර වුන දවසේ ඉදලා කානිවල් ජීවිතය තිබුණා. නමුත් නැවත වර්තමාන ලෝකයේ සිදුවන දේ දැක්කාම අවදානමක් ඇතිවිය හැකි බව බරපතල ලෙස තේරුම් ගත්තේ නෑ.

රටක ආරක්ෂාව කියන්නේ ප්‍රමුඛත්වයේ එක. ආර්ථිකය කියන්නේ දෙක. ආරක්ෂාවක් නැති තැනක ආර්ථිකයක් ගොඩ නගන්න බෑ. ආර්ථිකයක් ගැන සිහින දකිනවා නම් ආරක්ෂාව තිබිය යුතුයි. ඒ වෙනුවෙන් වියදම් කළ යුතුයි. සිංගප්පූරුව කියන්නේ කොළඹ වගෙ රටක්. ඒ රටේ ආරක්ෂක හමුදාවට වෙන් කර තිබෙන අය වැය ගිනිකොන දිග ආසියාවේ තිබෙන වැඩිම වියදමයි. ඒ නිසා ආරක්ෂාව ගැන අපේ දේශපාලඥයින් ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කරනවා අඩුයි.

යම් කිසි ආකාරයකින් ආරක්ෂාව නෑ කියන්නේ රටේ වගකිව යුතු අය තමන්ගේ යුතුකම ඉටු කරලා නෑ කියලයි. අපි මොන පැත්තේ වැඩි වුනත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ. ජනතාව මේක තේරුම් ගන්න ඕන. පසුගිය දවස්වල ඇතිවූ සිද්දිය ගැන විදේශ බුද්දි අංශ අපිට දැනුම් දුන්නා. මේක ගැන එක එක මතවාද යනවා. මේක දැනුම් දුන්න දවස වැඩක් නෑ. හතර වෙනිදා දැනුම් දුන්නා නම් පස් වෙනිදා ඉදලා ක්‍රියාත්මක වෙන්න ඕන. නම වෙනිදා දැනුම් දුන්නා නම් දහ වෙනිදා ඉදලා ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වගේ දේකට පාර්ලිමේන්තුවේ කෑ කෝ ගහගෙන වැඩක් නෑ.

අපේ ආරක්ෂක අංශ පොලිස්පතිවරයා එවපු ලියුමක් දීලා තිබුණා. පොලිස්පතිට ජාතික බුද්ධි ප්‍රධානියාත් ලිපියක් යවලා තිබෙනවා. ආරක්ෂක කවුන්සිලට ජාතික බුද්ධි ප්‍රධානියා ඉන්නේ ආරක්ෂක ඇමැතිවරයා හා ලේකම්වරයා යටතේ. ඒ ලියුම පොලිස්පතිවරයාට එවනවා නම් අනිවාර්යෙන්ම ආරක්ෂක ඇමැතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාටත් යනවා. මේ ලියුම අනුව ක්‍රියාත්මක වුනේ නෑ කියලා පොලිස්පති අල්ලගෙන කන්න හදන එක හරිද? ආරක්ෂක කවුන්සිලය සතියකට වතාවක් තිබුණා නම් මේ ගැන කතා කරන්න ඕන. මේ වගේ ලියුමක් ආවා නම් ආරක්ෂක කවුන්සිලය වහාම කැදවන්න ඕන. ඒ නිසා පොලිස්පති ගෙදර යැව්වා කියලා මේ ප්‍රශ්ණයට විසදුමක් ලැබෙන්නේ නෑ.

මේ පොලිස්පතිවරයා යැව්වා කියලා ප්‍රශ්ණය විසදෙන්නේ නෑ. යුද්ධය තිබුණ වෙලාවේ බුද්ධි අංශ තවම තියෙනවා.  බුද්ධි අංශය ප්‍රතිසංවිදානය කරනවා කියලා ප්‍රධානියා ගෙදර යවලා හරියන්නේ නෑ. යුද්ධය ඉවර වුනාට පස්සේ බුද්ධි අංශ වැඩියෙන් භාවිතා කළේ අපෙන් පලි ගන්න. අපේ දරුවන් ගැන හොයන්න. අපේ ආණ්ඩුවත් බුද්ධි අංශය ශක්තිමත් කිරීමට කටයුතු කළේ නෑ.

මේ තත්වයට පහුගිය අවුරුදු දහයේ පැවති ආණ්ඩු වගකියන්න ඕන. මේක අවුරුදු හත අටක් සැලසුම් කරපු වැඩක්. මේ පිටුපස තවත් තුන් හාරසියය්ක ඇති. මේකට නායකයෙක් ඇති. මේක අවුරුදු හත අටක් තිස්සේ සිදුවූ දෙයක්. මේකට පැවති සියලුම ආණ්ඩු වග කිව යුතුයි. අපේ වැරදි අපි පිළිගෙන හදාගත යුතුයි.

මට ජනාධිපතිතුමා එක්ක පුද්ගලික තරහක් නෑ. මට තවම තියෙන්නේ පොලීසියේ දා හත් දෙනෙක්ගේ ආරක්ෂාව විතරයි. ජනාධිපතිතුමා සිංගප්පූරුවේ ඉදගෙන වාක්‍ය දහයක විතර පණිවුඩයක් එවලා තිබුණා. එක ශෝක ප්‍රකාශයක්. එතුමා සිංග්පූරුවේ ඉදලා ආවේ රෑ දොලහට විතර. හැබැයි හවස තුනට එක ගුවන් යානවක් ආවා. රෑ නමයට ආවා. ආරක්ෂක ප්‍රධානියා ලෙස හරි නම් ජනාධිපිතුමාට මේ එකක එන්න තිබුණා.

ආරක්ෂක කවුන්සිලයට යන්න බැරි නියෝජ්‍ය ආරක්ෂක ඇමැති කෙනෙක් මොකටද? මේවා මහා පරිමාණ වැරදි. මේ ආණ්ඩුව නිදාගෙන හිටියාට ජනතාවට වග කිව යුතුයි.

අපි මේවා භාරව ඒවාට ගැලපෙන මිනිස්සු දාලා හිටියාද? සමහර වෙලාවට හිටපු නීතිය හා සාමය ඇමැති සුන්දර මනුස්සයෙක්. ඒ ඇමැතිවරුන්ට මේවා සම්බන්දයෙන් කටයුතු කිරීමට පසුබිමක් තිබුණේ නැහැ. සමහර වෙලාවට ජුලම්පිටියේ අමරේ ඊට වඩා හොද වෙන්න තිබුණා. මේ වගේ දේවලට පැසුණු අය ඉන්න ඕන. අවුරුදු පනස් පහක් වෙන හමුදාපතිවරයෙක්ට, පොලිස් පතිවරයෙක්ට තරුණ ඇමැතිවරයෙක් ගිහින් උපදෙස් දෙන්නේ කොහොමද? මේ වැරදි හදාගත්තේ නැතිනම් රට මේ තියෙන උවදුරෙන් ගොඩ ගන්න බෑ.

අපේ සමහර අමාත්‍යාංශවලට හොද අය දාන්න වෙනවා. මේ ආණ්ඩුවට ඉදිරියට යන්න නම් සුදුස්සන් හොද තැනට දාන්න ඕන. පරිපාලන නිලධාරියෙක් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙන්න ඕන කියලා අපි කිව්වා. ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් පරිපාල නිලධාරියෙක්. ඒ අය ආරක්ෂක විද්‍යාලයට ගිහින් උපාධිය ලබාගත් අයයි. අඩුම තරමේ ඉන්දියාවේ හරි තියෙන ආරක්ෂක විද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න ඕන. සමහර ආරක්ෂක ලේකම්වරු පැටූන් එකක විසි පස් දෙනෙක් ඉන්නවා කියලා දන්නේ නෑ. සමහර අය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා එන්නේ ඉගෙන ගන්නයි.

අපි ශෝකයට පත් වෙනවා. වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන්න ඕන කියලා කියනවා. සියලුම අවමංගල වියදම් රජයේ වියදමින් කියලා කියනවා. හදිසි නීතිය දානවා කියනවා. මැයි දින අවලංගුයි කියලා කියනවා. දැන් මේ රටේ ඉතිරි වෙන්නේ අලවංගු විතරයි. මෙහෙම ගියොත් අපිට ජන ජීවිතයක් නැති වෙනවා.ත්‍රස්තවාදීන් ගැන කතා කරන්න ගියොත් මට ආරක්ෂාව නැති වෙනවා. අපේ ආණ්ඩුවක් ආවත් මට ආරක්ෂාව දෙන්න හොද ජීප් එකක් වත් ලැබුණේ නෑ.

මේ සිද්ධිය වෙලා අගමැතිතුමා හමුවෙන්න එන්න කියලා කිව්වේ පැය හතලිස් අටකට පස්සේ. මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්. මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් වුනේ ගෝල් ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි. මට වඩා මේ ආණ්ඩුවේ ආරක්ෂාව ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මම ෆීල්ඩ් මාර්ෂල් කම දෙනවා.අපෙන් වැඩ ගන්න.

නීතිය හා සාමය අමාත්‍යාංශයට මගේ නම යෝජනා කළ අවස්ථාවේදී එය මට දෙන්න බැරි හේතු තුනක් ජනාධිපතිතුමා කියලා තිබුණා. සංඝයාවහන්සේලාගේ ඉල්ලීමත්, රජයේ සේවකයින්ගේ ඉල්ලීමත් නිසා මට නීතිය හා සාමය ඇමැතිකම දෙන්න බෑ කියලා ජනාධිපතිතුමා කියලා තිබුණා. නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙන් දෙන්න එපා කිව්ව නිසා මට නීතිය හා සාමය දෙන්න බෑ කියලා ජනාදිපතිතුමා කියලා තිබුණා.

රට ගොඩ ගන්න ඕන නම් අපි එකතුවෙලා රට ගොඩ ගමු. ජනතාවගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නැතිනම් අපි මේ විදියටම චූන් එකේ ඉමු.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්