ජනතාව ඒකරාශී වන සියලු උත්සවයන්ට සීමා පැනවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනතාව ඒකරාශීවන සියලුම උත්සව සඳහා සීමා පැනවීමට  සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කර සිටී

.ඒ අනුව   විවාහ මංගල උත්සව සහ අවමංගල්‍ය උත්සව සදහා සහභාගි කරවා ගත හැකි පිරිස සීමා කිරීමට ද අවධානය යොමු වී තිබෙනඅතර \ සියලුම අවස්ථා සදහා මීට පෙර ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇති බවත්  රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියාය

.ඊයේ පැවති කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
තවද විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් යලි සති දෙකක නිරෝධායන කාලයක් සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බව ඇය වැඩි දුරටත් සඳහන් කර සිටියාය .