නවතම පුවත්

“ජනතාව තත්වය තේරුම් නොගෙන වැහුවට වැඩක් නෑ” – ජනපති

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය නොමැතිව සීමා පැනවීමේ ඵලක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව වෛදවරුන්ගේ මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගෙන පුද්ගලයන් වාහනවල ගමන් ගන්නේදැයි සොයාබලන ලෙස ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

සංචරණ සීමා පැනවූවද බොහෝ වාහන මහමග දක්නට ලැබෙන බවත් එබැවින් වාහන පරීක්ෂාව පිළිබද මෙම කාලය තුළ දැඩිව අවධානය යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

කොවිඩි මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුනි.

“25 වනදා අපි විවෘත කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම භාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ. සමහර අය හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ. මොකක්ද ඩොක්ටර්ගෙ නම, කොහෙද වැඩ කරන්නේ කියලා බලන්න ඕනේ. මොකද බොරු අය ඒ සීල්එක ගහගෙන යනවා. ජනතාව මේක තේරුම් ගන්නේ නැතුව වැහුවට වැඩක් නෑ. නීති දාලා විතරක් කරන්න බෑ. සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. ඒක සම්බන්ධීකරණය කරගන්න ඕනේ.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්