නවතම පුවත්

ජනතා පරමාධිපත්‍යට වූ හානිය ගැන මැකොස හෙළිකරයි

අසංක

අසංක

දැනට විසුරුවා හැර ඇති පාළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලතල හිමිවීමෙන් ජනතා පරමාධිපත්‍යට හානියක් වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

පාළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලතල ලැබෙන පරිදි සකස් කළ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ බව කීය.

නිදහස් හා සාධාරණ මැතිවරණ තුළින් තෝරා ගන්නා මහජන නියෝජිතයින්ට බලය පවරන්නේ නිශ්චිත කාල සීමාවකට බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කරයි.

ඔහු පැවසුවේ, ජනතාව විසින් පැවරු කාල සීමාව ඉක්මවා මහජන නියෝජිතයින්ට සිය ඒම ධුරවල කටයුතු කිරීමට බලය පැවරිය යුත්තේ ජනතාව මිස අමාත්‍යවරයකු නොවන බවයි.

ඒය රටේ ප්‍රජාතන්තවාදයට ද දැඩි බලපැමක් වන බව ඔහු කියාසිටී.

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂයය භාර අමාත්‍යවරයාට බලතල ලැබෙන ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පනත් කෙටුම්පතක් ලෙස මේ වනවිට ගැසට් කර ඇත.

ඒමගින් යෝජනා කර ඇත්තේ, මහනගර සභා ආඥා පනත, මහ නගර සභා සංශෝධන පනත හා ප්‍රදේශීය සභා පනත යන පනත්වලට ඇතුළත් වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමටයි.

එම වගන්ති සංශෝධනය කළහොත් දැනට විසුරුවා හැර ඇති මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා විෂයය භාර අමාත්‍යවරයා නියම කරන කාලසීමාවක් දක්වා නැවත කැඳවීමට හැකියාව ලැබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි