නවතම පුවත්

ජනපතිගේ ආරක්ෂාවට සිටි 2500ක් පොලීසිවලට යවයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනපති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි 2500 ක් පමණ වන පොලිස් නිලධාරීන් පිරිසක් පොලිස් ස්ථානවලට අනුයුත්ත කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙනි.

පොලීසියෙත් පොලිස් විශේෂ කාර්ය බලකායේත් 3000 ක පමණ පිරිසක් ජනපති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ජනාධිපතිවරයා සිය ආරක්ෂාව සීමා කිරීමට පියවර ගැනීමත් සමග අගමැති ආරක්ෂක අංශයේත් ඇමති ආරක්ෂක අංශයේත් අමතර ආරක්ෂකයින් ඉවත්කර සාමාන්‍ය රාජකාරිවලට යෙදවීම සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානය මේ වන විට යම් අධ්‍යනයක නිරතවෙමින් සිටී. මෙම අංශ දෙකෙහි 3500 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසක් සේවයේ නිරතව සිටිති. ඇමති මණ්ඩලය අඩු කිරීම හේතුවෙන් ඇමති ආරක්ෂක අංශයේ පමණක් පොලිස් නිලධාරීන් 1000 කට වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය පොලිස් රාජකාරිවල නිරත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මූලස්ථානය අපේක්ෂා කරයි.

ජනපති, අගමැති සහ ඇමති ආරක්ෂක අංශවල සිදුවන මේ ප්‍රතිසංවිධානයත් සමග එම අංශවල ඇති පොලීසියේ අමතර වාහන පවා වාහන අඩු පොලිස් ස්ථාන වලට ලබාදීමට හැකිවනු ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්