ජනපතිගේ නිවස අසල පදිංචි JMI සැකකරුවෙක් අත්අඩංගුවට- තවත් 2ක් දැලේ

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් මෙරට තහනම් කෙරුණු ජමෙයිතුල් මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එක් සැකකරුවකු පොළොන්නරුවේ පිහිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවස ආසන්නයෙන් ජීවත් වූ එහි පදිංචිකරුවෙකි.

මේ වනවිට එම සංවිධානයේ 9 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් වැඩි පිරිසක් විශ්ව විද්‍යාල සිසුන් බව වාර්තා වේ.