ජනපතිගේ මංගල ඇරයුමත් මෝදිට

Picture of අසංක

අසංක

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ලෙස මංගල නිල සංචාරය ඉන්දියාව වෙත සිදුවූ අයුරින්ම තම ධුර කාලය තුළ මෙරට නිල සංචාරයක් සඳහා ඇරයුම් කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර තිබේ.

ඒ අද දහවල් හයිද්‍රාබාද් මන්දිරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

“මාගේ ධුර කාලය තුල ඉන්දු- ශ්‍රී ලංකා සබදතා උපරිම තලයකට ගෙනඒමට කටයුතු කරන බව මෙහිදී අවධාරණය කළ අතරම, මාගේ ධුර කාළය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු විදෙස් නායකයා ලෙස මෙරට සංචාරයක නිරතවන ලෙස නරේන්ද්‍ර මෝදි මහතාට ආරාධනා කරන්නටද අමතක නොකළෙමි.” යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා මිලියන 400ක මුදලක් ලබාදෙන බවත් භාරතය කවදත් විරුද්ධ අන්තවාදය මුලිනුපුටා දැමීමට ඉන්දියාව සහය දෙන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙහිදී අවධාරණය කළේය.