නවතම පුවත්

ජනපතිගේ සහය සජිත්ට – ඉන්දියානු මාධ්‍ය කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එළඹෙන ජනාධිපතිවරණය සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂයට සහය පල කිරීමට සුදානම් බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවට හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම වෙබ් අඩවිය මේ පිලිබදව සඳහන් කර ඇත්තේ අද (09) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නිල සංචාරය සම්බන්ධයෙන් පළකර ඇති පුවතකය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ කාලසටහන සම්බන්ධයෙන් තොරතුරු මැනවින් දන්නා මෙරට නිලධාරියෙකු ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ රජයේ පාර්ශවයෙන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ඉන්දීය අගමැතිවරයා සමග මෙම සංචාරය පුරාවටම කටයුතු කරනු ඇති බවය.

ජනාධිපතිවරණයේදී තමන්, එක්සත් ජාතික පක්ෂයට සහය පළකරන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ නම් පමණක් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව අදාළ නිලධාරියා හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවියට අනාවරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්