නවතම පුවත්

ජනපතිඳුනි – අගමැතිඳුනි චිරං ජයතු!!!

අසංක

අසංක

ශ්‍රී ලංකා දේශපාලනයේ වත්මන් පළමු හා දෙවන පුරවැසියන් දෙදෙනාටම අද (18) සුවිශේෂී දිනයකි. එනම් පළමු පුරවැසියා වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවිප්‍රාප්තියේ පළමු වසර සපිරීම අදට යෙදීමයි. අද පස්වරුවේ ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.

අද දෙවැනි සුවිශේෂත්වය වන්නේ මෙරට දෙවන පුරවැසියා වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වැනි ජන්ම දිනය අදට යෙදීමයි.

හිටපු නියෝජ්‍ය කතානායකවරයකු වූ ඩී.ඒ රාජපක්ෂ මහතාට සහ දන්දිනා සමරසිංහ මහත්මියට දාව පර්සි මහින්ද රාජපක්ෂ මහතා උපත ලද්දේ වර්ෂ 1945 දී අද වැනි දිනකය. ඒ සහෝදර සහෝදරියන් 8 දෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා ලෙස ය.

මහින්ද රාජපක්ෂ මහතා පාසල් අධ්‍යාපනය ලැබුවේ කොලඹ නාලන්දා, තර්ස්ටන් හා ගාල්ල රිච්මන්ඩ් යන විදුහල්වලින් ය.

සිය පියාගේ අභාවයෙන් පසුව ‍හම්බන්තොට , බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වූ රාජපක්ෂ මහතා 1970 වසරේදී මහ මැතිවරණය ජය ගෙන පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසුණේ එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසයි.

1994 වසරේ පිහිටවූ පොදුජන එක්සත් පෙරමුණු රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා 1997 වසරේදි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ධුරය හෙබවීය.

කම්කරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ කම්කරු ප්‍රඥප්තියක් මෙරටට හඳුන්වා දීමට මහින්ද රාජපක්ෂ මහතා ගත් වැදගත් පියවරකි.

විපක්ෂ නායක ධුරයට 2004 වසරේ දී පත් ඔහු 2005 වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණයෙන් ජය ලබමින් මෙරට පස්වන විධායක ජනාධිපතිවරයා විය.

තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කරමින් මෙරටට සාමය හා නිදහස 2009 වසරේදී උදා කරලීමට ජනාධිපතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා ලබා දුන් නායකත්වය මෙරට ඉතිහාසය තුළ නොමැකෙන සලකුණකි.

යළිත් වරක් 2010 වසරේදිත් මෙරට විධායක ජනාධිපතිවරයා ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා තොරා පත් කරලීමට මෙරට ජනතාව තීරණය කළේ ඒ විශ්වාසය නිසාමය.

පසුව 2019 වසරේදි පැවැති ජනාධිපතිවරණයෙන් සිය බාල සොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමත් සමග යළිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයට මහින්ද රාජපක්ෂ මහතා පත් විය.

පසුගිය අගොස්තු 05 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයගත් මහින්ද රාජපක්ෂ මහතා යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ සිව්වන වරටයි.

මේ මොහොතේදීත් මෙරට රාජ්‍යත්වයේ වගකීම සිය උර මතට ගෙන හැකි උපරිමයෙන් දරමින්, ආරක්ෂා කරමින් ද, වගකීම් ඉටුකරමින් ද දේශපාලනයේ නිරත මේ අපූරු දෙසොහොයුරන්ට/ මෙරට මුල් පුරවැසියන් දෙදෙනාට නිරෝගීමත්, ශක්තිමත් ජීවිතයක් පතමින් The Colombo Express කාර්‍ය මණ්ඩලයෙන් සුබ පැතුම්!

චිරං ජයතු!!!

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්