ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහ මණ්ඩල සැසිවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.
ගෝලීය වසංගත තත්ත්වයක් පැවතියදී වුවද මෙම සමුළුව ඊයේ පස්වරුවේ ලෝක නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් ආරම්භ වීම විශේෂත්වයකි.
කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණගැන්වීම යන්න තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව පැවැත්වේ.
ඊට සමගාමීව පැවැත්වෙන ආහාර පද්ධති සමුළුවේදී සහ බලශක්තිය පිළිබඳව ඉහළ මට්ටමේ සංවාදයේදී ද ජනාධිපතිවරයා අදහස් දැක්වීමට සූදානමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
සැසිවාරය අතරතුර දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.