නවතම පුවත්

පාර්ලිමේන්තුවේදී ඖෂධ මාෆියාවේ දැවැන්ත හෙළිදරව්වක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

යහපාලන ආණ්ඩුව සමයේදී අසාමාන්‍ය මිල ගණන්වලට ලබාගෙන තිබූ ඖෂධ 35ක ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ.

ඔහු පැවසුවේ එසේ අධික මිලට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දෙන බවය.

එම ඖෂධ මාෆියාව ට තිත තැබීම මගින් රුපියල් මිලියන 128ක් ඉතිරිකර ගැනීමට රජයට හැකිවී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඇතැම් ඖෂධවල මිල 138%කින් පවා ඉහළ මිලකට ගෙන තිබෙනු දැකගත හැකිවිය.

ඔහු පවසන පරිදි “හදිසි මිලදී ගැනීම්” යනුවෙන් සඳහන් කර සමහර ඖෂධ අධික මිල ගණන් යටතේ මිලදී ගැනීමට යහපාලන ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කර ඇත.

හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදයෙන් මිදී, සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය යටතේ ඖෂධ මිලදී ගැනීමෙන් රුපියල් බිලියන 1.14ක් පමණ ඉතිරිකර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමත්වී ඇති බවද ඔහු පැවසීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීගොස් ඇත්තේ මෙම ඇතැම් ඖෂධ ටෙන්ඩර්වලට අදාළ දත්ත ගොනු බව ද හෙතෙම කීය. එම දත්ත යළි ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්