ජනපති අපේක්ෂකයා ගැන රිෂාද් තවම කොට උඩ

Picture of අසංක

අසංක


එළඹෙන ජනාධිපතිවරණයෙදී සහය දිය යුත්තේ කුමන පාර්ශවයටද යන්න තම පක්ෂය තවම තීරණය කර නොමැති බව සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කර සිටී..

ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් සියලුදෙනා නම්කිරීමෙන් අනතුරුව තම පක්ෂයේ සහය ලබාදෙන අපේක්ෂකයා තීරණය කරන බවද සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ගම්පහ පැවති උත්සවයකින් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය..

නාමයෝජනා භාර ගැනීම ආරම්භ කළ පසු ජනාධිපතිවරණය සඳහා සහය ලබාදෙන අපේක්ෂකයා තම පක්ෂයේ සාමජිකයින් සමඟ සාකච්ඡා කර තීරණය කරන බවද අමාත්‍යවරයා පැවසීය