ජනාධිපතිවරණය වෙනුවෙන් ටෙලෝ පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින එම්.කේ.ශිවාජිලිංගම් මහතා තම පක්ෂයේ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාළ ලිපිය ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් මහතාට භාරදී ඇත.
ශිවාජිලිංගම් මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්නැයි පක්ෂයේ විනය කමිටුව විසින් ශිවාජිලිංගම් මහතාට කාලය ලබාදී තිබුණි.
අද දිනයේදී හෙතෙම විනය කමිටුව වෙත කරුණු ඉදිරිපත් කළ යුතුව තිබූ අතර, අදාළ ඉල්ලීමට අනුව තමා පක්ෂයෙන් ඉල්ලා අස්වන බවට ශිවාජිලිංගම් මහතා අද උදැසන පක්ෂයේ ලේකම්වරයා වෙත දැනුම් දී ඇත.
ශිවාජිලිංගම් මහතා ටෙලෝ පක්ෂයේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළේය.