නවතම පුවත්

ජනපති අපේක්ෂක එකම වේදිකාවට ආපු නැති හේතුව ගෝඨාභය කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රතිවිරුද්ධ මතවාද දරණ 10 දෙනෙක් එක තැනකට ගෙනල්ලා තව කෙනෙක්ව තනි කරන්න අවශ්‍යතාවයක් නැහැ.

මට ඕන වැඩ කරන්න. මට වාද විවාද කර කර ඉන්න අවශ්‍ය නැහැ

හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්වීමෙන් පසු පළමු වරට මාධ්‍ය හමුවකට එක්වුනා ඒ අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහින්ද අමරවීර මහතා, විමල් වීරවංශ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දක්වන ආරුමුගම් තොණ්ඩමාන් මහතා ඩග්ලස් දේවානන්ද මහතා මහාචාර්්‍ය තිස්ස විතාරණ මහතා ඇතළු පක්ෂ නායකයන් මේ අවස්ථාවට එක්ව සිටියා.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් රැසක් එක්ව සිටියා

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න ගණනාවකට ඔහු පිළිතුරු ලබාදුන්නා.

පසුගියදා පැවති ජනාධිපති අපේක්‍ෂකයන් එකම වේදිකාවකට ගෙනඑමින් ඉකුත්දා පැවැත්වූ වැඩසටහනට සහභාගි නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්නයක් යොමු කළා. 

එයට පිලිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා

මගේ ප්‍රතිපත්ති මාලාව ගැන මම ඊට පෙර අවස්ථා ගණනාවකදී එලි දැක්වුවා. ප්‍රතිවිරුද්ධ මතවාද දරණ 10 දෙනෙක් එක තැනකට ගෙනල්ලා තව කෙනෙක්ව තනි කරන්න අවශ්‍යතාවයක් නැහැ.

මම වියත්මග සම්මන්ත්‍රණය හරහා වෘත්තියවේදීන්, ගොවියන්, ධිවර ප්‍රජාව ඇතුළු රටේ සෑම අංශයක්ම මම මුණගැසුනා. මම කරන දේ ගැන සහ ඔවුන්ගේ ගැටළු ගැන මම හොයා බැලුවා. මට ඕන වැඩ කරන්න. මට වාද විවාද කර කර ඉන්න අවශ්‍ය නැහැ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පිළිතුරු දෙමින් ප්‍රකාශ කර සිටියා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්