ජනපති ඉල්ලා අස්වෙන්නේ නැහැ ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්නොවෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටි.

පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය .

” ජනාධිපතිවරයාට ලක්ෂ 69ක ජන්ද ලැබුණා. එතුමා ඉවත් වෙන්නේ නැහැ. අපි ඉන්නවා එතුමා එක්ක” ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේය .