නවතම පුවත්

ජනපති කොමිසමේ හෙළිවුණා කියන ෆෙටො ත්‍රස්ත්‍රයන්ට මම සම්බන්ධ නෑ – කබීර් හෂීම්

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ සාක්ෂිවලින් හෙළිවී ඇතැයි මාධ්‍ය වාර්තා කළ තුර්කි ෆෙටෝ ත්‍රස්තයන්ට තමන්ගෙ කිසිදු සම්බන්ධයක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් කබීර් හෂීම් මහතා ද කළම්බො එක්ස්ප්‍රස් කළ විමසීමේදී පැවැසීය.


අදාල මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව කබීර් හෂීම් මහතා සදහන් කළේය.


මේ සම්බන්ධයෙන් අද උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ජනමාධ්‍යට කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තුවන බවද හෙතම පැවැසීය.


සජිත් ප්‍රේමදාස මහතා හෙට දිනයේ කෑගල්ල බලා පැමිණීමට නියමිතව තිබෙන නිසා,ඒ වටා එක්වන ජනතාව නොමග යැවීම සදහා දේශපාලනික වශයෙන් මෙවැනි ප්‍රචාරයක් යවා ඇති බව කබීර් හෂීම් මහතා සදහන් කළේය.


තුර්කි ෆෙටෝ ත්‍රස්තයන් හා එම ව්‍යාපාරය සම්බන්ධයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද සොයාබලන ජනපති කොමිසම හමුවේ ඊයේ කරුණු හෙළිදරව් කර තිබුණේ විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රියානි ධම්මිකා කුමාරි මහත්මියයි.


අදාල ෆෙටෝ ත්‍රස්ත සංවිධානය මෙරට ආරම්භ කර තිබෙන ව්‍යාපාර වලට අයෝජනය කිරීමේදී හිටපු අමාත්‍යවරුන් දෙපළක්වන රිෂාද් බදියුදීන් සහ කබීර් හෂීම් ඊට සහ සම්බන්ධ වු බවට කොමිසමේ ප්‍රශ්න කිරීම්වලදී ඇය විසින් හෙළිදරව් කර තිබුණාය.


ඊට අදාල බව කියන ලිපි ගොනුද මේ වනවිට ජනාධිපති කොමිසමට භාර දී තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති කොමිෂමට කරුණු හෙළි කිරීමේ අවස්ථාව අදාල අමත්‍යවරුන් ඉල්ලීමක් කළහොත් ඔවුන්ටද ලබාදීමේ සුදානමක් තිබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.


තුර්කි ජාතික ඉස්ලාමීය ‌ෙෆතුහුල්ලා ගිලන් විසින් ආරම්භ කළ ගිලන් ව්‍යාපාරය (ෆෙටෝ) ත්‍රස්ත්‍ර සංවිධානයක් ලෙස නම් කොට ඇත්තේ තුර්කිය, පකිස්ථානය සහ අරාබි රාජ්‍යන් සදහා සහයෝගිතා හවුල විසිනි.

ෆෙතුහුල්ලා ගිලන් ඇමෙරිකාවේ පදිංචිව සිටින අතර ගිලන් ව්‍යාපාරයේ විශේෂත්වය වනුයේ සිය සමාජිකයන්ගේ ධන පරිත්‍යාගයෙන්ම පාසල් පද්ධති ආදිය පිහිටුවා ඒවායේ අධ්‍යාපනය ලබාදී ඒ ඒ රටවල ඉහළ තනතුරු සදහා රහසිගතවම ගිලන් ව්‍යාපාරයේ සමාජිකයන් පත්කර ගැනීමයි.


ඒ ඔස්සේ ඉහළට යන පුද්ගලයන් තමන් සාර්ථක වු පස රහසිගතවම තම වැටුප හෝ ආදායමෙන් යම් මුදල් ප්‍රතිශතයක් මෙම ව්‍යාපාරයට රහසිගත ලෙස නොකඩවා ප්‍රදානය කිරීමයි. ෆෙටෝ ත්‍රස්ත්‍ර සංවිධානයක් ලෙස තුර්කිය විසින් නම් කළද මේ දක්වා ඇමෙරිකාව සහ යුරෝපා හවුල ෆෙටෝ ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර නොමැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්