ජනපති-බැසිල් අද තීරණාත්මක හමුවක

Picture of අසංක

අසංක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ , ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

අද පස්වරුවේ පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර මෙම සාකච්ජාව පැවැත්වෙනු ඇති බවත් වාර්තාවේ.

ඒ අනුව ශ්‍රීලනිපය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීම පිලිබඳ අවසන් තීරනයන්ද මෙම සාකච්ජාවේදී ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන ලකුණ වෙනස් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් අවසන් ස්ථාවරය දන්වන්නැයි ජනාධිපති සිරිසේන විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිදුකර ඇති ලිඛිත දැනුම්දීම පිළිබඳවද මෙම සාකච්ඡාවෙඩි අවධානය යොමුවනු ඇත .