විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද(28) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව ඇත. ඊයේ (27) රාත්රියේ පැවැත් වු ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වී ඇත. එහිදී විශේෂයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ලබන “ලකුණ” සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවටද වාර්තාවේ.