නවතම පුවත්

ජනපති – ශ්‍රීලනිප සාකච්ඡා සාර්ථකයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර ඊයේ (26) පැවැති සාකච්ඡාව ඉතා සාර්ථකව අවසන් වූ බව  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය .

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය

“ජනාධිපතිතුමා සමග මෛත්‍රිපාල සිරිසේන මහතාත් ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක් වුණා. අපි එතනට ගියේ ඇමතිකම් ලබා ගන්න, ප්‍රතිලාභ ලබා ගන්න නෙමෙයි. පැය දෙකහමාරක් පමණ කරුණු කිහිපයක් සාකච්ඡා කළා. පළවෙනි එක මේ ආණ්ඩුකරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වය. බිම් මට්ටමේ අපේ නියෝජිතයින්ට දේශපාලනය කිරීම සඳහා සුදුසු වාතාවරණයක් හදලා දෙන්න එතුමා පොරොන්දු වුණා. අපේ දෙවැනි ඉල්ලීම වුණේ මනාප ක්‍රමයෙන් තොර මැතිවරණ ක්‍රමයක්. අපි එතනදි  කිව්වා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මණින් එළඹෙන්න කියලා. අපේ වෘත්තීය සමිතිවලට කෙරෙන කෙනෙහිලිකම් ගැන එතුමට කිව්වා.”

මෙහිදී අදහස් දැක්වූ පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටියේ

පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට සහ ආසන සංවිධායකවරුනට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් සිදුවන අසාධාරණකම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවය .  ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි ද මහ ලේකම්වරයා කීය.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති මහින්ද අමරවීර මහතා ඡන්ද ක්‍රමය සංශෝධන කිරීම , ගුරු වැටුප් විෂමතා, පොහොර ගැටළුව ඇතුළු කරුණු පිළිබඳව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව පැවැසීය.

මෙම සාකච්ඡා වෙනුවෙන් පැයක කාලයක් වෙන් කර තිබුණ ද සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්විණි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර දුමින්ද දිසානායක යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සහභාගී වූ අතර ජනාධිපති සමග ජනාපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහභාගී විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්