ජනපති සටනට එන අය 33 පන්නයි

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ දමමින් අද වනවිට ඇප තැන්පත් කළ සංඛාව 33 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී 12 දෙනෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කළ බව මැතිවරණ කොමිසම පවසයි.

ඊයේ වනවිට 21 දෙනෙකු ඇප තැන්පත් කර තිබිණ.

මෙතෙක් ඇප තැන්පත් නොකළ එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට සමාජය තුළ කතාබහක් මතුකළ කිහිපදෙනෙකු ද වේ.

ඒ අනුව 2020 ජනාධිපතිවරණය මෙරට ඉතිහාසයේ වැඩිම ජනපති අපේක්ෂකයන් පිරිසක් තරගවදින මැතිවරණය බවට පත්වනු ඇත.