ජනාධිපතිවරණය සදහා පොලීසියේ වියදම පමණක් රුපියල් මිලියන 666.2ක් බව ගණන් බලා තිබේ. එම මුදලින් රුපියල් මිලියන 368.5ක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය ලැබී ඇත.
ඉතිරි කොටස ඉදිරියේදී ලැබෙනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. මෙම මුදලින් මිලියන 45.8ක් වැයවෙතැයි තක්සේරු කර ඇත්තේ පෝස්ටර්, කටවුට් ඇතුළු නීතිවිරෝධී මැතිවරණ ප්රචාරක දැන්වීම් සහ කටවුට් ඉවත් කිරීමටය.
එහෙත් මැතිවරණයේ දීවෙනත් මැතිවරණවලදී මෙන් නීතිවිරෝධී ප්රචාරක කටයුතු බහුලව දකින්නට නොමැති බැවින් ඇස්තමේන්තු මුදල බොහෝ ප්රමාණයකින් අඩුවෙතැයි පොලීසිය විශ්වාස කරයි.
සෙසු මුදල් වැය වෙතැයි තක්සේරු කර ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ දීමනා, සුබසාධනය, පොලිස් වාහන සදහා ඉන්ධන ලබාගැනීම සහ කුලී පදනම මත ලබාගන්නා වාහනවලට ගෙවීම් සදහා ය.