නවතම පුවත්

මෙවර ජනපතිවරණයේ දී ‌‌කොටුවෙන් පිට ලවුඩ් ස්පීකර් බෑ

අසංක

අසංක

මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු පක්ෂ කාර්යාලයක වාහනයක මෙන්ම රැස්වීම් භූමියෙන් එපිට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සපුරා තහනම් බව පොලීස් මූලස්ථානය සදහන් කරයි.

එම ශබ්ද විකාශන යන්ත්‍ර, දේශපාලන රැස්වීමක් පැවැත්වෙන භූමියක සවිකිරීමට හැකියාව ඇත්තේ ද ඒම ශබ්ද විකාශන යන්ත්‍ර රැස්වීම් භූමිය දෙසට හරවා පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේදී 38/2005 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවට අදාළව එම බලපත් නිකුත් කරන බව ද ඔහු පැවැසීය. ඒ අනුව සදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 6ත් පස්වරු 10ත්, සිකුරාදා සිට සෙනසුරාදා දක්වා පෙරවරු 6-අලුයම 1, ඉරිදා පෙරවරු 6-රාත්‍රි 12.30 අතර පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබාදී තිබේ.

දේශපාලන රැස්වීමක් පැවැත්වීමේදී පූර්ව ප්‍රචාරක පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කිරීම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මැතිවරණ කොමිසමෙන් උපදෙස් පතා ඇත.

මෙම උපදෙස් විමසා ඇත්තේ යම් රැස්වීමක් සම්බන්ධයෙන් පූර්ව ප්‍රචාරක පෝස්ටර් ප්‍රදර්ශනය කළහැකි කාලසීමාව, එම පෝස්ටර්වල ඇතුළත් විය හැකි කරුණු සහ භූමි සීමාව යන කරුණු සම්බන්ධයෙනි.

පොස්ටර්, බැනර්, කටවුට් අත්පත්‍රිකා කොඩි අපේක්ෂකයාගේ වාහනයේ ප්‍රදර්ශනය කළ හැකි ද, නීත්‍යනුකූල කාර්යාලයක හෝ රුස්වීම් භූමියක ප්‍රදර්ශනය කළ හැකි ද යන්න පිළිබද මෙලෙස විමසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්