ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් මැතිවරණ මහලේකම් කාර්යාලය අද සිට ක්‍රියාත්මක වේ.
පොලිස් මූලස්ථානයේ පිහිටි එම අංශය භාරව පත්කර ඇත්තේ පොලිස් අධිකාරි අසෝක ධර්මසේන මහතායි.
පොලිස් මැතිවරණ අංශභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිංහ මහතා පවසන්නේ හෙට සිට දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල මැතිවරණ ඒකක ස්ථාපිත කරන බවයි.