නවතම පුවත්

ජනපති සමාව දීමේ පදනම වෙනස් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සිදුකරනු ලබන සිරකරුවන් නිදහස් කිරීමේ විශේෂ ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය මෙවර යම් සංශෝධනයකට ලක්කර තිබේ.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  පෙන්වා දෙන්නේ මෙතෙක් පැවති ජනාධිපති සමාවදීමේ ක්‍රියාවලිය යටතේ ජීවිතාන්තය දක්වා සිරගත වූ සිරකරුවන් හට කිසිදු සමාවක් හිමි නොවූ බවය.

එහෙත් මෙවර වෙසක් දිනය වෙනුවෙන් ප්‍රදානය කරන ලද විශේෂ ජනාධිපති සමාව දීමේ වැඩපිළිවෙල යටතේ ජීවිතාන්ත සිරකරුවන්ගේ දඬුවම වසර 25ක් දක්වා අඩුකර තිබේ.

බන්ධනාගාර රැඳවියන් හට සිව් වස් සමාලෝචන ක්‍රියාවලිය යටතේ සමාව ලබාදීමේ ආරම්භක පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක ය.

ඉදිරියේදී මරණ දඬුවම හිමිවූ බන්ධනාගාර තුළ පුනරුත්ථාපනය වූ සමාජගත කළ හැකි රැඳවියන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලියක් සකස් කරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි රැඳවියන් 247 දෙනෙකු අතරින් 53 දෙනෙකුට ඊයේ දිනයේ නිදහස හිමිව ඇත.

අනෙක් සිරකරුවන් 194 දෙනා ඊයේ දිනයේ සිට සාමාන්‍ය සිරකරුවන් බවට පත් කර තිබේ.

වෙසක් පොහොය දිනය නිමිත්තෙන් රැඳවියන් 260 දෙනෙකුට ඊයේ නිදහස හිමිව තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්