ජනවාරියේදී, උද්ධමනය තවත් ඉහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට උද්ධමනය  පසුගිය ජනවාරි මාසය තුළ යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත . ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි මාසයේ උද්ධමනය සියයට 14.2ක්වේ , . දෙසැම්බර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසය

ජනවාරි මාසයේ වාර්තා වූ මෙම  උද්ධමනය සැලකෙන්නේ මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම  උද්ධමනය ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ ඉකුත් ජනවාරි මාසය තුළ ආහාර කාණ්ඩයේ සහ ආහාර නොවන කාණ්ඩයේ ද උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි. දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 22.1 ක් වූ අතර ජනවාරි මාසයේ දී එය සියයට 25 දක්වා ඉහළ ගොස් තිබෙ.

සියයට 7.5ක්ව පැවති දෙසැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී ඉහළ ගොස් ඇත්තේ සියයට 9.2 දක්වාය. ජනවාරි මාසය තුළ සහල්, පළතුරු, කිරිපිටි සහ පාන් මිල ඉහළ යාම උද්ධමනය ඉහළ යාමට හේතුව බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත