නවතම පුවත්

ජනවාරියේ දී සංචිත ප්‍රේෂණ ඉහළට – ආනයන අපනයන පහළට

අසංක

අසංක

වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය, ගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ දී පහළ ගිය බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ආනයන වියදම ද පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ දී පහළ මට්ටමක පැවතියේය.

එමෙන්ම අපනයන ආදායම ද පහළ ගොස් ඇත.

කෙසේවෙතත් මේ වසරේ ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ සංචාරක ඉපැයීම් අඛණ්ඩව ඉහළ ගියේය

මේ වසරේ ජනවාරි මාසය අවසන් වන විට දළ නිල සංචිත ශක්තිමත් වී ඇත.

2023 වසරේ ජනවාරි මාසයේ දී විනිමය අනුපාතිකය ද ස්ථාවරව පැවතුණි.

මේ වසරේ ජනවාරි මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ලැබීමක් වාර්තා කර තිබේ.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශ ආයෝජනයන්හි සුළු ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

සමස්ත අපනයන වෙළඳ භාණ්ඩ අපනයන ආදායම, 2022 සැප්තැම්බර් මාසයේ සිට, අපේක්ෂිත මට්ටමට වඩා මන්දගාමී වේගයකින් වුවද, අඛණ්ඩව පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

එය 2023 වසරේ ජනවාරි මාසයේ දී 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව එ.ජ. ඩොලර් මිලියන 978ක් දක්වා සියයට 11.3කින් පහළ ගියේය.

සියලුම ප්‍රධාන අපනයන කාණ්ඩවල ඉපැයීම් පහළ ගිය අතර, ඒ අතරින් කාර්මික අපනයන පහළ යෑම කැපී පෙනුණි.

කාර්මික අපනයනයේදී 2023 වසරේ ජනවාරි මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයනයෙන් ලද ආදායම, 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පහළ ගියේය.

මෙම සමස්ත පහළ යෑම සඳහා බොහෝ ප්‍රධාන වෙළඳපොළ (ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය) තුළ පැවති ඉල්ලුම පහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස ඇඟලුම් අපනයන විශාල වශයෙන් පහළ යෑම හේතු විය.

මේ අතර, නැව් සඳහා සපයන ලද ඉන්ධන මිල ගණන් ඉහළ ගිය ද, නැව් සහ ගුවන්යානා සඳහා සපයන ලද ඉන්ධන පරිමාවන් පහළ යෑම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම පහළ ගියේය.

තවද, මැණික්, දියමන්ති හා ස්වර්ණාභරණ; සහ යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ (ප්‍රධාන වශයෙන්, ඉලෙක්ට්‍රොනික උපකරණ) අපනයන ආදායම ඉහළ ගිය ද, රබර් නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, ගෘහස්ථ රබර් අත්වැසුම්) අපනයන පහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණි.

පාරිභෝගික භාණ්ඩ ගත්කළ 2023 වසරේ ජනවාරි මාසයේ දී ආහාර සහ ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යන දෙඅංශයෙහිම ආනයන වියදම පහළ ගියේය.

ඒ හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම පහළ ගියේය.

ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම් පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදිත ආනයන පහළ යෑම හේතු විය. මෙහිදී 2022 වසරේ ජනවාරි මාසයේ දී කොවිඩ් එන්නත් සඳහා සිදු කළ විශාල වියදම්හි පදනම් බලපෑම ද සළකා බැලිණි.

ආහාර සහ පාන වර්ග ආනයන වියදම ද, 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පහළ ගොස් ඇත.

ඒ සඳහා ධාන්‍ය වර්ග සහ ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන්, සහල්) ආනයන පහළ යෑම හේතු විය.

2023 වසරේ ජනවාරි මාසයේ දී රෙදිපිළි සහ රෙදිපිළි උපාංග (මූලිකව රෙදි වර්ග) ආනයන පහළ ගොස් ඇත.

ඒ හේතුවෙන් අන්තර් භාණ්ඩ ආනයන වියදම වසරකට පෙර පැවති අගයට සාපේක්ෂව පහළ ගියේය.

එමගින් ඉදිරි කාලයේ දී ඇඟලුම් අපනයනය පහළ යෑමක් පෙන්නුම් කරයි.

තවද, යකඩ සහ වානේ වැනි මූල ලෝහ ද, ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත සහ තිරිඟු ආනයනයෙහි සැලකිය යුතු පහළ යෑමක් වාර්තා විය.

මීට ප්‍රතිවිරුද්ධව, 2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය සඳහා වන වියදම (පරිමාවන් අඩු වීම හේතුවෙන්) පහළ ගිය ද, බොරතෙල් සහ ගල් අඟුරු ආනයන පරිමාව ඉහළ යෑම හේතුවෙන් මෙම කාණ්ඩය යටතේ විශාලතම ආනයනය වන ඉන්ධන ආනයන වියදම ඉහළ ගියේය.

2022 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි මාසයේ දී ආයෝජන භාණ්ඩ ආනයන වියදම පහළ ගියේය.

ප්‍රධාන ආයෝජන භාණ්ඩ උපකාණ්ඩ තුන යටතේ ලැයිස්තුගත කර ඇති සියලුම වර්ගවල භාණ්ඩ, එනම් යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ප්‍රවාහන උපකරණ පහළ යෑමක් වාර්තා කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්