ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම වෙනුවෙන් තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබේ.
ඒ ලබන 12 වැනි දා දක්වායි.
මැතිවරණ කොමිසම ඊයේ පැවත්වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
මේ අතර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 3 ක් මැතිවරණ කොමිසමට භාර දී ඇතැයි වාර්තා වේ.
ග්‍රාම නිලධාරිවරුන් මාර්ගයෙන් එම හැඳුනුම්පත් හෙට සිට ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට නියමිතයි.