ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප සහය කාටදැයි නාමයෝජනාවෙන් පසු- ජනපතිගෙන් තීන්දුවක්

Picture of අසංක

අසංක

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනුලබන තීන්දුව ජනපතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීම අවසන් වූ පසුව ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇත.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම හෙට පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය තුල මැතිවරණ කොමිෂන් සභාවේදී සිදුකෙරේ

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අවසන් තීරණය ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (05) රාත්‍රී තීරණය කර තිබු අතර, එම තීන්දුව අද පෙරවරු 11.00ට දැනුම් දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත පවසා තිබිණ.

නමුත් එම මාධ්‍ය හමුව කල්දැමීමට පසුව පියවර ගැනින .