නවතම පුවත්

මිහින්තලාව ජාතික උරුමයක් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඓතිහාසික මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පින්කම  සැමරීම වෙනුවෙන් අද (06) දින මිහින්තලය, රජ මහා විහාරයේදී පැවැත්වෙන ජාතික මහෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.

මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමඛ ස්වාමීන් වහන්සේලා 1,500 නමක් සහ මෙහෙණින් වහන්සේලා සියක් නමකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සාංගික දානමය පින්කම  අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මිහින්තලය රජ මහා විහාරස්ථානයේදී පැවැත්විණි.

එහිදී මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ අනුශාසනාවක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා විසින් මිහින්තලය රජ මහා විහාරය සදහා දක්වන දායකත්වය අගය කරමින් අග්‍රාමාත්‍යවරයා හා එතුමාගේ මැණියන් විසින් පළමුවරට මිහින්තලය පුද‍බිමේ අලෝක පූජාවක් පැවැත්වීම පිළිබදව ද සිහිපත් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක,  කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීහු සහ දේශපාලනඥයින් ඇතුළු බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්