නවතම පුවත්

ජනපති අපේක්ෂකයා කවුද? එජාපයේ උග්‍ර ගැටුමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එළඹෙන ජනාධිපතිවරණය සඳහා එකසත් ජාතික පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්භන්ධව පක්ෂය මතුව ඇති බල අරගලයක් හා පිල් බෙදීමක් මේ වනවිට උග්‍ර අතට හැරෙමින් ඇත.

මේ අනුව කතානායක කරු ජයසූරිය මහතා එජාප ජනපති අපේක්ෂක විය යුතුයයන මතය දරන පිරිස් , සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව දැවැන්ත ප්‍රචාරණය ව්‍යාපෘතියක් දියත්කිරීමටද සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂක ලෙස නම් කලයුතුය යන මතය දරන පිරිස්ද මේ වනවිට පක්ෂය තුල වෙනම ඒකරාශී වෙමින් සිටින බවත් , මෙම පිරිස් වෙන වෙනම සාකච්ජා පවත්වමින් තම මතය ජයග්‍රහණය කරවීම සඳහා අභ්‍යන්තර අරගලයක් ආරම්භ කර ඇති බවත් වාර්තාවේ.

එජාප උප නායක රවී කරුණානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේම සහය කරු ජයසූරිය මහතාට හිමිව ඇති අතර ඔවුන් පවසන්නේ එය පක්ෂයේ නිළ මතය වන බවය.

මෙම පිරිස ප්‍රකාශ කර සිටිනුයේ මේ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේද සහය ලැබෙන බවකි. ඒ අනුව එළඹෙන ජනපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්නොවේ නම් ඒ වෙනුවට අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන්නේ කරු ජයසූරිය මහතා වන බවද මෙම කණ්ඩායම අවධාරණය කර සිටී.

තිනියාවල පාලිත හිමියන් ප්‍රමුඛ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සහයද මීට ලැබී ඇති බව වාර්තාවේ,

මංගල සමරවීර මහතා ප්‍රමුඛ , “සජිත් හිතවාදී” කණ්ඩායමද මේ වනවිට පසු පෙළ මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය දේශපාලනඥයින් සමග සාකච්ජා පවත්වමින් ඔවුන් හා එක්ව , සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ශක්තිමත් බලවේගයක් ගොඩනැගීමට කටයුතු යොදමින් ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි