ජනාධිපති අපේක්ෂකයා ගැන මෛත්‍රී මහින්ද ඒකමතික තීරණයක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෛත්‍රී මහින්ද සුසන්යෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඒකමතික තීරණයක් ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 දෙනාගේ කණ්ඩායම අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

මෙහෙදී මාධ්‍ය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා”ඉදිරි මැතිවරණ සියල්ලම ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධාන ඔස්සේ තරග කිරීමට තීරණය කර තිබෙනවා, එහිදී අපි ඉදිරිපත් කරන්නේ එක් ජනාධිපති අපේක්ෂකයකුයි” එමෙන්ම මෙම සියලුම තීරන නව දේශපාලන සන්ධානයේ නායකත්ව මණ්ඩලය විසින් සාකච්ඡා මාර්ගයේ තීරණය කරනු ලබව බවද ඒ මහතා පැවසීය.

උමංග බණ්ඩාර