ජනාධිපති කාම්බෝජයේ අන්කෝර් ලෝක උරුමය බලන්න යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍ථෙරවාදි බුදු දහමින් පෝෂිත රටවල් ලෙස කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධාගමික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජනාධිපති කාම්බෝජයේ දී බෞද්ධ වැඩසටහන් කිහිපයකට එක් වෙයි

තායිලන්ත – කාම්බෝජ දේශසීමාව ආශ්‍රිතව පවතින කාම්බෝජයේ බෞද්ධාගමික අභිමානය ලෙස සැලකෙන සහ යුනෙස්කෝ ලෝක උරුමයක් ද වන අන්කෝර් (Angkor) පූජනීය නගරයේ සංචාරයකට ජනාධිපතිවරයා අද එක් වූ අතර කාම්බෝජ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ මාලිගයේ ඇමති Samdech Chaufea Veang kong Som Ol මහතා ද ඊට එක්ව සිටියේ ය.