නවතම පුවත්

ජපානයෙන් මෙරටට ඇස්ට්‍රාසෙනෙකා මේ සතියේ මොඩර්නාත් එයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

මොඩර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් මේ සතියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව රජය ඊයේ (13) නිවේදනය කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා මෙම එන්නත ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මෝඩර්නා එන්නතට පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ හදිසි භාවිත අනුමැතිය ලබා දෙන ලදී.

මේ අතර ශ්‍රීලංකාව ඇතුළු ආසියානු රටවල් 14 කට COVID-19 එන්නත් මාත්‍රාව මිලියන 11 ක් පරිත්‍යාග කරන බව ජපන් විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් කිහිපයකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 10 ක් ලබාදීමට ජපාන රජය තීරණය කර ඇත .

අදාල රටවල් සමග පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී එකඟ වූ පරිදි මෙම එන්නත් ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත ..

ඒ අනුව ඉන්දුනීසියාව, තායිවානය, වියට්නාම යන රටවලට ඉදිරි සතියක කාලය තුළදී ජපානයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියනය බැගින් ලබාදීමට නියමිතය.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මෙරට ජපාන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ ඉදිරි සති කිහිපය තුල ශ්‍රී ලංකාව වෙත අස්ට්‍රසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක් ලබාදීමට තම රජය සැලසුම් කර ඇති බවයි .

මෙම එන්නත් ජපානයේ නිෂ්පාදිත අස්ට්‍රසෙනෙකා එන්නත් වන බවද තානාපති කාර්යාලය සඳහන් කර ඇත

මීට අමතරව කොවැක්ස් පහසුකම යටතේ තවත් රටවල් 07 කට එන්නත් මාත්‍රා‍ මිලියන 11 ක් ලබාදීමට ජපන් රජය සූදානමින් සිටී. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය,‍ නේපාලය, ඉරානය, කාම්බෝජය, ලාඕසය සහ පැසිෆික් දූපත් වෙත එම එන්නත් මාත්‍රා හිමිවනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්