නවතම පුවත්

ජපානයෙන් හා ෆින්ලන්තයෙන් නව කොවිඩ් ප්‍රභේද සොයාගැනේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

( පැතුම් වික්‍රමරත්න)

ජපානයෙන් හා ෆින්ලන්තයෙන්ද මේ වනවිට  නව කොවිඩ් ප්‍රභේදයන්  සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී .

. මේ අනුව එක්  නව ප්‍රභේදයක්  ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි විදෙස් සංක්‍රමණිකයින් රඳවා තබන මධ්‍යස්ථානයක රඳවා සිටින සංක්‍රමණිකයින් 39කට සේවකයින් 05 දෙනෙකුට ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත

මෙම නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 91ක් දෙනෙකු මේ වන විට නැගනහිර ජපානයේ කාන්ටෝ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර තවත් ආසාදිතයින් දෙදෙනෙකු ගුවන් තොටුපොළවල් වලින් හමුවූ බව එරට කැබිනට් ලේකම්වරයා ප්‍රකාශ කර ඇත .

කොවිඩ් වෛරසයට එරෙහිව එන්නත් කරණ වැඩසටහන ජපානයේ ආරම්භ කිරිමට කටයුතු යොදා ඇති අතර මෙම නව කොවිඩ් වෛරස ප්‍රභේදය එන්නත් වලට එරෙහිව ප්‍රතිවිරෝධී විය හැකිද යන්න සම්බන්ධයෙන් ජපාන රජය විමර්ෂන ආරම්භ කර ඇත.

E484K නම් වූ මෙම නව වෛරස් ප්‍රභේදය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින අතර දේශීය වශයෙන් එය සිදුවුහොත් රෝගීන් වාර්තා වීම අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බවයි ජපාන කැබිනට් ලේකම්වරයා වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කර සිටියේ.

මේ අතර විද්‍යාඥයින් විසින් ෆින්ලන්තයෙන් ද නව කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා. Fin-796H යනුවෙන් මෙම නව වෛරස් ප්‍රභේදයට තාවකාලිකව නම් තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්