නවතම පුවත්

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ 70 වැනි සංවත්සරය සමරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

පෙබරවාරි මස 25 වෙනි දින තානාපති මිසුකොෂි මැතිතුමා විසින් ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ 70 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවති ජයිකා (JICA) සභාපතීත්ව වැඩසටහන අමතන ලදී.

ජයිකා සභාපතීත්ව වැඩසටහන යනු, සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වල ජපන් අධ්‍යයන පාඨමාලා ආරමිභ කිරීමට සහය වන වැඩසටහනක් වන අතර, 2021 වාර්ෂ‌යේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා වූ පාඨමාලාවෙි කොටසක් ලෙස ජපානයේ නවීකරණය සහ සංවර්ධන ඉතිහාසය පිළිඹඳ වූ අටවැනි සහ අවසාන දේශනය ද මෙය විය.

තානාපති මිසුකොෂි මැතිතුමා සිය දේශනයේදී දෙරට අතර ‌‌ෙඑතිහාසික සිද්ධීන් වල මූලික ස්ථානය පේරාදෙණිය බව අවධාරණය කළ අතර, බොහෝ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල විෂය හදාරා ඇති බවත්, සමුළු රැස්වීමි සහ සාම සාකචිඡා වැනි ෙඑතිහාසික අවස්ථාවන් හීදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවත් පෙන්වා දෙන ලදි. ඒමෙන්ම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ ජපන් අධිරාජ්‍යයා සහ සිය පවුල විසින් රෝපණය කරන ලද සමරැ වෘක්ෂය මගින් ලංකාව සමග ඇති ඒම විශේෂ ඇසුර මනාව සංකේතවත් වන බවත් පැවසීය.

දිවංගත ගරැ ජේ. ආාර්. ජයවර්ධන මැතිතුමා විසින් සැන්ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවෙිදී පූජනීය ධම්මපදයෙන් පාඨයක් උපුටා දක්වමින්, වෛරයෙන් වෛරය නොසංසි‌‌‌ෙඳන බවත් අවෛයිරයෙන්ම වෛරය සංසි‌ෙඳන බවත් ප්‍රකාශ කරමින් ජපානය නැවතත් ජාත්‍යන්තර ප්‍රජාව සමග සමිබන්ධ කරවීමට ඒම ප්‍රකාශය මනාව උපකාර වූ අයුරැත්, තවද කොළඹ ක්‍රමයට සමිබන්ධ විමට හැකිවීම මගින් ජපානය ජාත්‍යන්තර සහයෝගීතාවයට උරදීමට සමත් වූ අයුරැත්, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව දැක්වූ ෙඑතිහාසික දායකත්වයත්, ගරැ තානාපති මිසුකොෂි මැතිතුමා විසින් නැවතත් මතකයට නගමින් ප්‍රශංසාත්මකව සිහි කරන ලදී.

ජපානය සහ ශ්‍රී ලංකාව, ජපන් නිළ සංවර්ධන අධාර ව්‍යාපෘති (ODA) සහ සාමය ගොඩනැංවීමෙි සහය හරහා මිත්‍රත්වයේ දෑත් දිගු කරමින් දෙරට අතර සම්බන්ධතා තර කරගත් අයුරැත්, 2004 සහ 2011 යන වර්ෂයන් වල දෙරටටම බලපෑ මහා සුනාමි ව්‍යයසන අවස්ථාවන් හීදී අන්‍යයෝන්‍ය අධාර සපයා ගනිමින් සිය අවශ්‍යතා වෙනුවෙන් කාලානුරෑපී හවුල් කරැවන් ලෙස ඒක්ව වර්ධනය වූ අයුරැත් ඒතුමා තවදුරටත් පැහැදිලි කලේය.

අවසාන වශයෙන් තානාපති මිසුකොෂි මැතිතුමා ප්‍රකාශ කර සිටියේ 70 වැනි සංවත්සරයෙන් ඔබ්බට ද දෙරට අතර මිත්‍රත්වය තවතවත් වර්ධනය කරගැනීමට තමා කැපවෙන බවත් සහ ඔහුගේ ඒකායන අරමුණ වනුයේ මෙයට සහභාගී වූ සෑම විද්‍යාාර්ථයෙක්ම අනාගතයේ තමා තෝරාගන්නා ක්ෂේත්‍රයන් හරහා හදවතින් ඒක දමිවැලක බැඳි පුරැක් මෙන් දෙරට අතර ඇති මෙම බැඳිම සහ මිත්‍රත්වය වැඩි දියුණු කරගැනීමට සහ ශක්තිමත් කිරීමට උරදෙනු ඇතිබවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්