ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සියලුම සිසුන් ස්වේච්ඡාවෙන්ම ස්වයං නිරෝධායනය වී තිබේ.
ඒ පසුගියදා එහි සිසුවකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුවයි.
තමා අත ඇති ජාතික වගකීමක් ලෙස සළකා වසංගතය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සියලුම සිසුන් විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාර තුළ, නිවාසවල හා තම තමන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම සිට නියමිත කාලය ස්වයං නිරෝධායනයට ලක්ව ඇතැයි වාර්තා වේ.