නවතම පුවත්

ජයිකා සභාපතිගේ සම්මානයෙන් පුද ලද ප්‍රථම විදේශිකයා ලාංකිකයෙක්

අසංක

අසංක

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ‘ජයිකා’ ආයතනයේ සභාපතිගේ සම්මානයෙන් පුද ලද ප්‍රථම විදේශීය ජාතිකයා බවට පත්වීමට ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය ආනන්ද කුමාර මහතා සමත්ව ඇත .

මෙම සම්මානය පුදකරන්නේ ජපානයේ ජයිකා ආයතනය සමග අත්වැල් බැඳගනිමින් සිදු කරන සේවාවන් ඇගයීම සඳහා වන අතර. මින් පෙර ජපන් ජාතිකයකු හැර වෙනත් කිසිදු විදේශීය පුද්ගලයෙකු මෙම සම්මානයට පාත්‍රවී නොමැත.

මහාචාර්ය ආනන්ද කුමාර මහතා මේ සේවය කරන්නේ, ජපානයේ මෙයිජෝ විශ්වවිද්‍යාලයේ විදේශ කටයුතු පිළිබඳ පීඨයේ වන අතර එහි සමාරම්භක පීඨාධිපතිවරයා වන්නේ ද මහාචාර්ය ආනන්ද කුමාර මහතාය.

ජයිකා ආයතනය සමග අත්වැල් බැඳගත් මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහනේ ජපානයේ මියේ ප්‍රාන්තයේ සමාරම්භක සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වන ආනන්ද කුමාර මහතා . සුසුකා අන්තර් ජාතික විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ධුරය ද හොබවා තිබේ. ඊට මතරව ඔහු වසර කිහිපයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද සේවය කර ඇත,.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්