ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටි ජර්මන් ජාතික මෙහෙණීන් වහන්සේ නමක් ඊයේ (03) ඇති වුණු රෝගී තත්ත්වයක් මත මහනුවර රෝහලට ඇතුලත්ව පැය කිහිපයක් ඇතුලත මියගොස් තිබේ.
ජර්මනියේ සිට පසුගිය 25 වෙනිදා මෙරටට පැමිණ ඇති MIE MARGARETE නැමැති මෙම 79 වියැති මෙහෙණිය මෙසේ මියගොස් ඇත.
මහනුවර නගරයේ පිහිටි ප්රධාන පෙලේ හෝටලයක නවාතැන් ගෙන සිටි මෙම මෙහෙණිය හදිසියේම ඇතිවුණු රෝගී තත්ත්වයක් මත මුලින්ම මහනුවර රෝහලට ගොස් ප්රතිකාර ලබාගෙන ඇත්තේ පසුගිය 01 වෙනිදාය.
එදින ප්රතිකාර ලැබීමෙන් පසු නැවත හෝටලයට පැමිණ රැදී සිට ඇති බව පොලීසිය කියයි.
නැවත ඊයේ (03) උදෑසන 7.00ට පමණ මෙම මෙහෙණීන් වහන්සේ නැවත උත්සන්න වූ රෝගී තත්ත්වයක් මත මහනුවර මහා රෝහලට ඇතුලත්ව ඇත.
එහිදී ප්රතිකාර ලබමින් සිටි මෙහෙණිය උදෑසන 10.30ට පමණ මියගොස් ඇති බව පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් ජර්මන් තානාපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.