නවතම පුවත්

පුංචි ඡන්‍දය ගැන මැතිවරණ කොමිසම ඇතුළේ කඹඇදිල්ලක්

අසංක

අසංක

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර බෙදීමක් ඇතිව තිබෙන බව එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැදවීමේ ගැසෙට්ටුව නිකුත් කර, තැපැල් ඡන්ද ප්‍රකාශය සඳහා දින නියමවී තිබියදීත් මෙම මතභේදය පවතින බව සඳහන් ය.

මැතිවරණය පැවැත්විය යුතු බවට කොමිසමේ කොටසක් ප්‍රකාශ කරද්දී තවත් පිරිසක් පවසන්නේ මුදල් නොමැතිකම නිසා මැතිවරණය නොපවැත්විය යුතු බවට ය.

නාමයෝජනා කැදවූවත් මේ හේතුවෙන් මැතිවරණය පැවැත්වීමේ ගැටළු රාශියක් මතුවීමේ අවදානමක් ගැන මැතිවරණ නිරික්ෂණ සංවිධාන පවසයි.

මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් බිලියන 12 ට වැඩි මුදලක් අවශ්‍ය නමුත් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇත්තේ බිලියන 10 කි.

සම්පූර්ණ මුදල නොගෙන මැතිවරණ වියදම් කළමනාකරණය කළ නොහැකි බවට කොමිසමේ බහුතරයකගේ අදහසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ රාජකාරි ගෙවීම්, ඉන්ධන සහ අහාර වෙනුවෙන් මහාභාණ්ඩාගාරයෙන් මුදල් නොලදහොත් රාජකාරි ගැටළු රාශියක් උද්ගතවනු ඇති බවය.

එම නිසා මෙම ගැටළු ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට මුදල් ලැබෙන බවට සහතිකයක් නොගෙන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස මැතිවරණ කොමිසමේ බහුතර සමාජිකයන්ගේ ඉල්ලීම වී ඇතැයි ද වාර්තා වේ..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්