ජර්මානු චාන්සලර්වරිය ‘මික්ස් ඇන්ඩ් මැච්’ කර ඇස්ට්‍රාසෙනෙකා-මොඩර්නා විදගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටි ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඇගේ දෙවන මාත්‍රාව ලෙස මෝඩර්නා කොරෝනා වයිරස් මර්දන එන්නත ලබා ගත් බව විදෙස් වාර්තා පවසයි.

66 හැවිරිදි ඇය අපේ‍්‍රල් මාසයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව ලබා ගෙන තිබුණි.

ජර්මානු බලධාරීන් විසින් එන්නත් භාවිතා කිරීමට නිර්දේශ කළේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා පමණි.

නොසන්සුන්කාරී ආරම්භයකින් පසු, ජර්මනියේ එන්නත් කිරීම මෑත සතිවල තියුණු ලෙස වේගවත් වී තිබේ.

අඟහරුවාදා වන විට ජර්මනියේ ජනගහනයෙන් දෙකෙන් එකක් හෝ සියයට 51.2 ක් ඔවුන්ගේ පළමු මාත්‍රාව ලබාගෙන ඇත.