නවතම පුවත්

මෙරට පොලිසියේ කල්ක්‍රියාව ගැන ජගත් සංවිධානය විමසීල්ලෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මෙරට පොලීසිය හා අපරාධ කල්ලි සාමාජිකයින් අතර ඇතිවන ගැටුම්වලදී සහ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම පිළිබඳ තම දැඩි අවධානය යොමුව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචෙලේ මහත්මිය අවධාරණය කර තිබේ.

මෙවැනි සිද්ධීන් ගැන කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඇය කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය අමතමිනි.

සුළු ජාතීන්ට සිදුවන හිරිහැර හා අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සිදුකර ඇති පත්වීම් පිළිබඳව ද සිය අවධානය යොමුව ඇති බව ඇය පැවසුවාය.

ලබන සැප්තැම්බර් මාසයේ දී එම කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ඇය කියා සිටියාය.

මානව හිමිකම් ගැන ශ්‍රී ලංකා රජය සමඟ තවදුරටත් එක්ව කටයුතු කරන බව මිචෙල් බැචෙලේ මහත්මිය ප්‍රකාශ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්