නවතම පුවත්

ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ස්වයං නිරෝධායනයට

අසංක

අසංක

කොවිඩ් -19 (කොරෝනා) වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින අලුත්ම ලෝක නායිකාව වී ඇත්තේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ය. ඇයගේ වෛදවරයාට කොරෝනා වෛරසය වැලදී ඇතිබව හෙළිවීමත් සමග ඇන්ජෙලා මර්කෙල් මෙසේ නිවසේ සිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව සී.එන්.බී.සී පුවත් සේවය වාර්තා කර තිබේ.


සිකුරාදා දහවල් චාන්සල්වරියට එන්නතත් ලබා දුන් වෛදවරයෙකුට කොරෝනා වැළදී ඇතිබව හෙළිවීමත් සමග ඇය මෙම පියවර ගත් බව ඇයගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් සයිබර්ට් පවසයි.


ඉදිරි දින කිහිපය තුළ ඇය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන අතර නිවසේ සිට චාන්සලර් ලෙස සිය රාජකාරි දිගටම කරගෙන යනු ඇත.


පැතිර යන වෛරසය පාලනය කිරීම සඳහා ජර්මනිය ඉදිරි සති දෙක තුළ ප්‍රසිද්ධියේ පුද්ගලයන් දෙදෙනෙකුට වඩා රැස්වීම් පැවැත්වීම තහනම් කරන බව මර්කෙල් ඉරිදා නිවේදනය කළේය.

එකට ජීවත්වන පුද්ගලයින් සහ වැඩ ආශ්‍රිත රැස්වීම් සඳහා නීති රීති ව්‍යාතිරේක නිකුත් කර තිබේ.


ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව ජර්මනිය මෙම වෛරසයෙන් ලෝකයේ වඩාත්ම පීඩාවට පත් රටවල් අතරට ගැනෙන අතර 23,000 කට වැඩි පිරිසක් කොරෝනා ආසාධනයට ලක්වී අවම වශයෙන් පුද්ගලයින් 92 දෙනෙකු මේ වනවිට මියගොස් තිබේ.


වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ජර්මනිය විසින් ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය සහ ලක්සම්බර්ග් සමඟ ඇති සිය දේශසීමා තාවකාලිකව වසා දමා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්